May 12, 2024

රනිල් අභයාරාමයෙන් වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද (23) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමෙන් අනතුරුව ‌පළමුවෙන්ම ගොස් ඇත්තේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමටය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

එහිදී කොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී වී තිබුණා.

මෙවර වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් ලෙස සැලකෙන අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ හිමියන් බැහැ දැකීමට යාම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 20:06