May 11, 2024

රනිල්ගේ පාර්ලිමේන්තු ගමනට කඳුකර ජනතාව සතුට පළ කරයි (PHOTOS)

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා වශයෙන් අද (23) දින පාර්ලිමේන්තුවේදි දිවුරුම් දිමෙන් පසු හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කරනු ලැබුවා.

හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසලට රැස් වු හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දැල්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යලිත් ආනාගතයක් කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි බවයි.

රටට අවශ්‍යය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයින් බවද එක්සත් ජාතික පාක්ෂිකයන් කියා සිටියා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 12:31