May 10, 2024

ආණ්ඩුවේ සුබ පැතුම් මැද රනිල් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත්විය.

මේ අතර පාර්ලිමේන්තුව තුල උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙන අතර ඊට හේතු වී ඇත්තේ "ආණ්ඩුව මාරයි ගෝඨා හමාරයි" යනුවෙන් විපක්ෂය විසින් විරෝධතා පාඨ කියමින් විරෝධය පළ කිරීමය.

එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසූවේ විපක්ෂය විරෝධය පල කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම නිසා බවයි.

නමුත් තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණි. 

කෙසේවෙතත් පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 11:10