May 01, 2024

කොහොමත් කැස්බෑවෝ මැරිලා ගොඩගහනවා - චමල්ගෙන් ප්‍රකාශයක්

එක් කාලකදී මිය ගිය කැස්බෑවන් වෙරළට ගොඩ ගැසීම සිදුවන්නක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

නෞකාවෙන් මේ වන තෙක් තෙල් කාන්දුවක් සිදුව නොමැති බවත් නිසි අදහස් දැක්වීමක් කළ හැක්කේ පර්යේෂණයකින් අනතුරුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර දකුණු මුහුදේ ගිලුණු නැව් තුන් හාර සීයක් පමණ ඇති බවත් එම ස්ථානවල මේ වනවිට ගල්පර නිර්මාණය වී මත්සයින් බිත්තර දැමීම වැනි කාර්යයන් සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් නෞකා අනතුර සම්බන්ධයෙන් රජය අවශ්‍ය කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඊයේ පැවති උත්සවකදී සමුද්‍ර ජීවින් මිය යාම හා නෞකා අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)