May 13, 2024

පොහොට්ටු ලේකම්ගේ ලිපියේ නිර්මාතෘ එලියට: කළුතර දිස්ත්‍රික් ආධුනික මන්ත්‍රීගේ ආධුනික වැඩක්

මතභේදයට තුඩු දුන් පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අත්සන් තැබූ ලිපිය සකස් කොට තිබෙන්නේ කවුරුන්ද යන්න මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

මහලේකම් අත්සන දැමීම

සාගර කාරියවසම් මහතා කර තිබෙන්නේ එම ලිපියට අත්සන් තැබීම පමණක් බවයි දැනගන්නට තිබෙන්නේ.

තෙල් මිල ගණන් ඉහළ දැමීම ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් කළ එකක්ද යන සැකය මතු වෙමින් තිබෙන බැවින් එහි වගකීම ගෙන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත  පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා එම ලිපිය නිකුත් කොට තිබුණා.

ලිපිය හැදු නවක මන්ත්‍රී

දැනගන්නට තිබෙන ආකාරයට මෙම ලිපිය සකස් කොට තිබෙන්නේ කළුතර දිස්ත්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සංජීව එදිරිමාන්න මහතාය.

සංජීව එදිරිමාන්න මහතා බැසිල් රාජපක්ෂ මහතාට ඉතාමත්ම සමීප කිට්ටුවන්තයෙකු බව ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 June 2021 22:23

Related items