May 14, 2024

රනිල් මන්ත්‍රී වෙන්න කළින්ම වැඩ පෙන්වයි! සජිත්ව හිර කරයි Featured

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට තේරීම් භාර නිලධාරීවරුන් කටයුතු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කිරීම නිසා ඔවුන්ගේ සභික ධූරයන් අහෝසි වී ඇති බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයා, වැලිගම නගර සභාවෙන් නගරාධිපතිවරයා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා එසේ ධූරවලින් ඉවත් කර තිබෙනවා.

ගැසට් නිවේදන තුනක්

තංගල්ල නාවලපිටිය සහ වැලිගම නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බව සඳහන් කරමින් ගැසට් නිවේදන තුනක් එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් ඊයේ (17) නිකුත් කරනු ලැබීය.

මේ අනුව මෙසේ තනතුරු අතහැර ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු දිල්ශාන් ,නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව ෂා වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ධනුෂ්ක විජයරත්න ජයවික්‍රම යන තිදෙනාය.

මෙම තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති හෙයින් ඔවුන් විසින්ම එම තනතුරු අතහැර දමනු ලැබ ඇතැයි ඒ ගැසට් නිවේදනවල සඳහන් වෙනවා.

සජිත්ගෙන් තනතුරු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10අ (1)(අ) වගන්තිය යටතේ තංගල්ල නගර සභාව සභාවේ තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ, නාවලපිටිය නගර සභාවේ තේරීම්භාර තේරීම් භාර නිලධාරී එම් එම් එස් බණ්ඩාර සහ වැලිගම නගර සභාවේ තේරීම් භාර නිලධාරීනී පෝෂිතා කෞමදී යන අය විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා ශාලාවේදී ඊයේ (17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසුවේ තමා තනතුරින් ඉවත් වුණත් නගර සභාවේ උප සභාපතිවරයා සභාපති පුටුවට පත් කරන බවයි.

තමාට සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරය ලබාදී ඇති බවත් වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට නාවලපිටියේ ජනතාව සමග එකතු වී තමාට කළ හැකි උපරිම දේ කරන බවත් ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 05:59

Related items