May 14, 2024

විපක්ෂයේ ජනප්‍රියම දේශපාලනඥයා සජිත් - ගම්මන්පිලගෙන් තවත් බෝම්බයක්

මේ වන විට වඩාත් කතාබහට ලක්ව තිබෙන දේශපාලන චරිතය වන උදය ගම්මන්පිල අමාත්‍යවරයා විපක්ෂයේ සිටින ජනප්‍රියතම දේශපාලනඥයා පිළිබඳව හෙළිදරව්වක් කොට තිබෙනවා.

අමාත්‍යවරයා මෙම හෙලිදරව්ව කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ආසන්නයේ වීම විශේෂත්වයක්.

විපක්ෂයේ ඉහළම ජනතා කැමැත්ත

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් අභියෝග කළ නොහැකි ජනවරමක් සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ලබා දුන් බවයි අමාත්‍යවරයාගේ අදහස.

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ ජනප්‍රියතම දේශපාලනඥයා බවට කළ තහවුරු කිරීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

තම මනාප ටිකක් අඩු උනා නම් ගෙදර

අමාත්‍යවරයා මේ බැව් හෙළිදරව් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය හා පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ජනප්‍රියතාවයන් සංසන්දනය කරමින්.

කොළඹ දිස්ත්‍රික්කයේ තව මනාප ටිකක් එහාට මෙහාට වූවානම් මීළඟ ජනපති අපේක්ෂත්වය කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මහතාට මන්ත්‍රීධූරයක් නැති වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(6 votes)
Last modified on Friday, 18 June 2021 04:57