May 13, 2024

රනිල්ට දෙන දෙයියො එපා නොකියන්නම දෙයි: ලගම මිතුරා ලඟ අසුනත් හිමි වේ

දෛවය කියන්නෙ අපූරුම දෙයකි.

එළඹෙන 23 වෙනි දින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේදී එජාපයට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දීමෙන් පසු හිමි වන අසුන

දිවුරුම්දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට අසුන් ගැනීමට හිමි වන්නේ පක්ෂ නායකයෙකු ලෙස විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වන අතර මේ වන විට එම අසුන තීරණය කොට ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂ නායකයාට අසුන් පනවා ඇත්තේ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද අසුනයි.

මෙම අසුන් පනවා තිබෙන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මතය.

රතු අලි පැටව්

යහපාලන ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබූ බවට මත පළ වීම මත ජනතා විමුක්ති පෙරමුණ "රතු අලි පැටව්" ලෙසත් එවකට විපක්ෂය ප්‍රසිද්ධියේම හැඳින්වූවා.

2018 ඔක්තෝබර් මස සිදුවූ ආණ්ඩු පෙරලියේදී යලි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දැරූ යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජවිපෙ පාර්ලිමේන්තුව තුළ විශාල වැඩ කොටසක් ඉටු කිරීමද ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 June 2021 04:58