May 13, 2024

මන්ත්‍රීවරු 69ක් දොට්ට! නවකයින්ට මන්ත්‍රී පුටු සූදානම් Featured

එජාපයෙන් නෙරපූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාට මන්ත්‍රී ධූරය අහිමි වී ඇතැයි වාර්තා වනවා.

ඒ සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දී යොමුකළ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගැනීමත් සමඟයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීමේ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන ඇති බවයි. 

නවක මන්ත්‍රීවරුන් ඇතුලට

පක්ෂයෙන් පලවාහරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා පෙන්වා දෙනවා.

අදාලා මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද තීන්දුවක් ලබාදී තිබූ බවයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)