May 13, 2024

පොහොට්ටු අර්බුදය ඔඩුදුවයි - ලේකම් යළි කට අරියි

පොහොට්ටුවේ රහස් සාකච්ඡාවක්?

නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.

ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මහලේකම් සාගර කාරියවසම් මහතා ද මෙම සාකච්ඡාවට එක්වීමට පැමිණ සිටියා.

සාකච්ඡාව ආරම්භ වීමට පෙර මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ මෙම රහස් සාකච්ඡාව කුමක් ද යනුවෙන්.

තම පාර්ශවය රහස් සාකච්ඡා කිසිවක් සිදු නොකරන බවත්, සෑම දෙයක්ම එළිපිට සිදුකරන බවත් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ජනතාව වෙනුවෙන් ගත හැකි සියළු තීරණ තමා ඇතුළු පිරිස විසින් ගැනීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

ලියුම තාමත් වලංගුයි

මේ අතර තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් විමසා සිටියා.

එයට පිළිතුරු ලෙස සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ එම ලිපියෙහි සටහන්ව තිබූ මතයෙහි තමා අදටත් සිටින බවයි.

එපමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිටින්නේ එම මතයේම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මොකක්ද මේ ලියුම?

ඉන්ධන මිල ඉහළ දමන බවට ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කිරීමත් සමග පසුගිය 12 වැනි දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

එහි දැඩිව විවේචනය කර තිබුණේ උදය ගම්මන්පිල මහතාව යි.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන ඛණිජ තෙල් අමාත්‍ය ධූරයෙන් ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට එහි අවධාරණය කොට තිබුණා.

මේක ජනපති - අගමැති තීරණයක්

කෙසේ වෙතත් මෙම ලිපියට පිළිතුරු ලෙස ගම්මන්පිල මහතා අනාවරණය කළේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු රජයේ ඉහළම පිරිස් එක් වී ගත් තීන්දුවක්වන බව යි.

එවන් පසුබිමක් මත තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් 12 වැනි දා නිකුත් කළ ලිපියෙහි සඳහන් මතයෙහිම සිටින බවට එම පෙරමුණෙහි මහලේකම්වරයා ප්‍රකාශ කිරීම ආන්දෝලනාත්මක වනවා.

සිය පක්ෂය තුළින්ම බිහිවූ ජනාධිපතිවරයා සහ සිය පක්ෂයේ නායකයා වූ අග්‍රාමාත්‍යවරයා එක්ව ගත් තීන්දුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම එරෙහි වන්නේ ද යන ගැටළුව ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය හරහා සමාජය ඉදිරියේ ඉස්මතු වෙමින් පවතිනවා.

සාගර කාරියවසම් මහතා නිකුත් කළ ලිපිය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 21:01

Related items