May 15, 2024

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන සජිත් පිලේ මත දෙකක්

මේ වන විට බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂය තුළ මත දෙකක් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉකුත් 15 දා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම මත දෙක ඉදිරිපත් වී තිබෙනවා.

ඊට පසු දින (16) ඉදිරිපත් කළ කරුණු 10 කින් යුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීන්දුව අරගෙන තිබෙන්නේ මේ රැස්වීමේදී.

ඛනිජ තෙල් මිල ඉහළ දැමීමේ උණුසුම මෙන්ම මේ අවස්ථාවේ ඊට මහජනතාවගෙන් එල්ල වන විරෝධතා මත ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදුසුම වේලාව මේ වේලාව බවයි එක් මතයක් වී තිබෙන්නේ.

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවක්ද ?

එහෙත් මෙම විශ්වාසභංග යෝජනාව ගම්මන්පිල අමාත්‍යවරයා ඉලක්ක කොට ගෙන ඒමෙන් එය බැසිල් රාජපක්ෂ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් යයි ජනතාවට හැඟී යාමට ඉඩ ඇති බවට තවත් මතයක්ද එහිදී ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීන්දු වී තිබෙනවා.

බොහෝ මන්ත්‍රීවරුන් ගම්බිම් බලා ගොස්

මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගය පැත්තෙන් අත්සන් තබා තිබෙන්නේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියල්ලන්ම කොළඹ අවට වාසය කරන්නන් වේ.

අනිකුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් මේ වන විට කොළඹින් බැහැරව සිය ගම්බිම් බලා ගොස් ඇති හෙයින් ඔවුන්ට වෙන විශ්වාසභංගයට මෙතෙක් අත්සන් තැබීමට අවස්ථාවක් ලැබී නැහැ.

කලකට පසු හරිනුත් රැස්වීම

බොහෝ කලකට පසුව සැත්කම් කිහිපයකට මුහුණ දුන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 20:04