May 13, 2024

රනිල්ගේ නම මැ.කොට Featured

එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් භාරදෙමින් ඒ බව දැන්වූ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතුය යන්න බවයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

දිවුරුම් දීම 23 වැනිදා

ලබන පාර්ලිමේන්තු සතියේදී එජාප නායකයා පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළා.

ලබන අඟහරුවාදා (22) පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කොට ඇතැයිද රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)