May 19, 2024

ලියුම පිටිපස්සේ ඉන්නේ බැසිල් නෙමෙයි - මහින්දානන්ද හේතු පෙන්වයි

පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පිටුපස සිටින අදෘශ්‍යමාන බලවේගය කුමක්දැයි තමනුත් සොයමින් සිටින බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හෙළි කරනවා.

ජනපති , අගමැති ප්‍රමුඛ තමාද නියෝජනය කරන ඇමැති අනු කමිටුව විසින් ගත් තෙල් මිල වැඩි කිරීමේ සාමූහික තීන්දුව සම්බන්ධයෙන් වගකීම භාරගෙන බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන පෙරමුණ මහලේකම්වරයා විෂය භාර උදය ගම්මන්පිල අමාත්‍යවරයා වෙත යැවූ ලිපිය තමාද අනුමත නොකරන බව අලූත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලිපිය පිටුපස බැසිල් නැහැ

සාගර කාරියවසම් මහතා ගම්මන්පිල අමාත්‍යවරයා අමතා එවූ ලිපිය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා නොමැති බවද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට හේතුද පෙන්වමින්.

ජනපති හා අගමැතිගෙන් ඒ ගැන අහලා නැහැ

අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා එවැනි නියෝගයක් පක්ෂ මහලේකම්වරයාට දීමට පෙර ඒ ගැන ජනපති හා අගමැති සමග සාකච්ඡා කරන බවයි.

අපිත් හොයන්නේ එයා කවුද කියලා

මේ නිසා සාගර කාරියවසම් මහතාට මෙම ලිපිය ගම්මන්පිල අමාත්‍යවරයා වෙත මෙම ලිපිය යැවීමට යම් අයෙක් උපදෙස් දුන් බව පෙනෙන්නට තිබුණද ඒ කවුද යන්න අභිරහසක් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයාද වන අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනී සේවයේ වැඩ සටහනකට වෙමින්.

Rate this item
(0 votes)