May 13, 2024

තෙල් මිල වැඩි කළ දින පොහොට්ටු කාර්යාලයේ සූම් සාකච්ඡාවක්

ඉකුත් 11 මධ්‍යම රාත්‍රියේ තෙල් මිල වැඩි කිරීමට පෙර එදින දහවල් බත්තරමුල්ල නෙලුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලයේ සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

එම සාකච්ඡාවට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වූ බවයි නෙළුම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කතා කළේ මොනවාද

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ වගකීම් පවරා ඇති ඔහුගේ කිට්ටුවන්තයන් සමග මෙම සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.

එහිදී තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ වගක් දැනගන්නට නොමැති අතර පළාත් සභා සීමා නිර්ණය පිළිබඳ තිබෙන ගැටළු කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

පොහොට්ටු ලේකම් නිකුත් කළ ලිපිය

එහෙත් එදින රාත්‍රියේම තෙල් මිල වැඩි කළ අතර ඊට පසු දින එනම් ඊයේ (12) තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පවරමින් වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන ලෙස දන්වමින් පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා වන නීතිඥ සාගර කාරියවසම් මහතා  මාධ්‍ය වෙත  මතභේදාත්මක ලිපියක් නිකුත් කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 13:38

Related items