May 10, 2024

සජිත් සහ ජලනි අද එකටම ගිය ගමන (PHOTOS)

විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය අද (11) කොවිඞ් ප‍්‍රතිකාර නිමාකොට සිය නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුව එම දෙපල කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබෙනවා.

විපක්ෂ නායකවරයාට නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේවායි මහා සංඝරත්නය ආශිර්වාද අනුශාසනා කර තිබෙනවා.

පසුගිය මැයි 28 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී විපක්ෂ නායකවරයාට කොවිඞ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඊට පෙර දිනයේ ඔහුගේ බිරිඳට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර ඒ අනුව දෙදෙනාම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක එකම කාමරයක සිට ප‍්‍රතිකාර ලබමින් සිටියා. විපක්ෂ නායකවරයා සහ බිරිඳ මේ වනවිට සම්පූර්ණ සුවයෙන් පසුවන අතර දින කිහිපයකින් අනතුරුව විපක්ෂනායකවරයා නැවතත් සකී‍්‍රය දේශපාලන කටයුතුවල නිරතවනු ඇතැයි වාර්තා වනවා.

May be an image of one or more people, people standing and indoor

May be an image of 1 person and standing

May be an image of one or more people, people sitting and outdoors

May be an image of one or more people, people standing and temple

May be an image of one or more people and outdoors

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 11:59