May 03, 2024

රනිල් විපක්ෂ නායක: ආණ්ඩුවේ ඇමතිගෙන් සැලැස්ම එළියට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කරන සැලැස්ම ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් හෙළිදරව් කරනවා.

මෙම හෙළිදරවුව කරන්නේ වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනය.

අමාත්‍යවරයා මෙම හෙළිදරව් කරන්නේ හරියටම ගණන් හිලව්ද සමගය.

රනිල් එක්ක ඉන්න ගාන එළියට

අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළිදරව් කරන්නේ ලැබෙන ආරංචි වලට හා තොරතුරු වලට අනුව සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් හරියටම 50%ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

වත්මන් පාර්ලිමේන්තුව මුලින්ම රැස් වන අවස්ථාවේ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම 54 දෙනකුගෙන් සමන්විත වූ අතර 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය විමසීමේදී සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පක්ෂයේ මතයට පිටින් යමින් ඊට පක්ෂව ඡන්දය දීමත් සමග එය 45 දක්වා පහත වැටුණි.

අභයගුණවර්ධන අමාත්‍යවරයා කරන හෙළිදරව්වට අනුව සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අවම වශයෙන් 23 දෙනෙකු රනිල්  වික්‍රමසිංහ මහතා සමග සිටින බව තහවුරු වනවා.

මෙම මන්ත්‍රීවරුන් පිරිස රනිල්  වික්‍රමසිංහ මහතා සමග ඉදිරි දේශපාලන ගමන යෑමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රනිල් ගැන ආණ්ඩුවට ගැටලුවක් නැහැ

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා හෙළි කරනවා.

අභයගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයා කිරීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නැහැ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පසුගිය මහ මැතිවරණයේදී පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පරිදි වික්‍රමසිංහ මහතා පත් කිරීමට එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කොට තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 10 June 2021 13:53