May 13, 2024

හිටපු මන්ත්‍රී කුරුකුලරත්න දිවියට සමු දෙයි

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු පසු වූයේ 77 වැනි වියේ යි.

ඒ මහතා ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු ද වනවා.

වෘත්තියෙන් නීතීඥයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

සතිපතා ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් වලට ලිපි සම්පාදනය කිරීමේ ද නිරතව ඇති කුරුකුලරත්න මහතා විසින් ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 06 ක්.

ඒ මහතාගේ දේහය ජුනි 10 වැනිදා  පෙරවරු 9.00  සිට පස්වරු 3.00  දක්වා බොරැල්ල  ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

මෘත දේහය එදින සවස 3.30 ට බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු ‍සවස 04.00 ට සිදු කිරීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 22:09