May 10, 2024

අගමැතිගේ ලස්සන වැඩේට සජිත්ගෙන් බාල්දියක්

රට පුරා නගර 100 ක් තෝරාගෙන එහි මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා "සියක් නගර" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.

මේ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද, උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවයි.

එම නිවේදනය පහතින්,

No photo description available.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 09 June 2021 21:39