May 05, 2024

"මේකෙ ඉක්මනින් ඉවර කර ගන්න ඕන..තීන්දුවක් ගන්න" - ඇමැති දුමින්ද දැඩි ස්ථාවරයක

රාජ්‍ය යාන්ත්‍රනය ඇත්තටම දැන් දුවන්නේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ප්‍රාදේශීය සභා, සෞඛ්‍ය අංශ නිසා, මේ ටික අපි බේරා ගත්තේ නැත්නම්, මේක කඩා වැටුනොත් එහෙම ඊළඟට සේරම ටික ඉවරනේ, මේ ටික තමයි අපි ඉස්සරලාම ආරක්ෂා කර ගන්න ඕන. ඒ නිසා රාජ්‍යය නිළධාරීන්ටත් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවක් ලබා දීම සම්බන්ධයෙන් බළධාරීන් සමඟ සාකච්ජා කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය කොවිඩ් කමිටුව අමතමින්.

එහිදි අදහස් දැක්වූ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා,

"රාජ්‍යය යාන්ත්‍රනය ඇත්තටම දැන් දුවන්නේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ප්‍රාදේශීය සභා, සෞඛ්‍ය අංශ නිසා, මේ ටික අපි බේරා ගත්තේ නැත්නම්, මේක කඩා වැටුනොත් එහෙම ඊළඟට සේරම ටික ඉවරනේ, රුපියල් 5000 දෙන එක වෙන්න පුළුවන්, බඩු මළු බෙදන එක වෙන්න පුලුවන් මේ ටික තමයි අපි ඉස්සරලාම ආරක්ෂා කර ගන්න ඕන. රටේ සියලුම දෙනාව එන්නත්කරණය කරන්න ඕන බව ඇත්ත, ඒ වගේම මේ රාජ්‍යය යාන්ත්‍රණය වැටු‌නොත් එහෙම සේරම ටික කඩා වැටෙනවා, මේ වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වහන්න වුණොත් මුකුත්ම කර ගන්න බැරි වෙනවා. මේ ගැන ඉහළට යෝජනාවක් කර තීන්දුවක් ගන්නම්.රජයේ නිළධාරීන් තමයි වැඩියෙන්ම ජනතාවට සමීප වෙන්නේ.

මේක අපිට ඉක්මනින්ම ඉවර කර ගන්න තමයි සැලසුම් හදන්න ඕන, ඒකට අපි සෞඛ්‍ය අංශයේ උපදෙස් ටිකත් අරගෙන මේකෙ ඉක්මනින් ඉවර කර ගන්න ඕන, සමහර විට මේක තව ටිකක් කල් තියෙයි. හැමෝම එකතු වෙලා මේක පාලනය කර ගත්තොත් තමයි අපි හැමෝගෙම වැඩේ ඉස්සරහට සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් අපි තනියම ජීවත් වෙලා මොනවා කරන්නද? අපි අභ්‍යන්තරයේ ගන්නා තීන්දු තීරණ ටික හැමෝටම පහසු වෙන විදිහට හැබැයි සෞඛ්‍ය පැත්තෙන් ඒ සීමා පැනවීම් වලදී රෝගය බෝ වෙන්න අවම ඉඩක් ලැබෙන විදිහට කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක තීන්දුවක් ගන්න." යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 12:37

Related items