May 03, 2024

රනිල් අද නොවේ හෙට

එක්සත් ජාතික පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සඳහා එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද (08)  දිවුරුම් නොදෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන මෙම මස තුන්වෙනි සතියේදීද පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත බවයි වාර්තා වෙන්නේ.

කොවිඞ් තත්ත්වය මත පාර්ලිමේන්තු පැමිණීමෙන් ඵලක් නොවන බව ඊට හේතුව විය හැකි බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 14:38