May 10, 2024

සජිත් ගැන මන්ත්‍රී කණ්ඩායම ඒකමතික තීන්දුවක - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

සජිත් ප්‍රේමදාස මහතාට සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලැබෙන බවට වූ යෝජනාවක් අද (7) සම්මත කරගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත පවසනවා.

පාර්ලිමේන්තුවේ අද පැවති රැස්වීම තමාගේ මූලිකත්වයෙන් පැවැත් වූ බවත් එහිදී සජිත් ප්‍රේමදාස මහතාට මන්ත්‍රී කණ්ඩායමේ සහාය පළ කරන යෝජනාව තමා විසින් ගෙන ආ බවත් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

කිරිඇල්ල මහතා වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම යෝජනාව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් සම්මත කළ බවත් ඉන් පසුව අන් පක්ෂ නායකයන් මෙන්ම මන්ත්‍රීවරුන්ද ඊට සිය අනුමැතිය ලබාදුන් බවයි.

යෝජනාව මගේ : සම්මත කළේ  හකීම්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ කරුණු හෙළිදරව් කළේ  අද  (7) පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ ගත් තීරණ පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්. 

සමගි ජන බලවේග මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 45 දෙනකු සහභාගි වූ බවත් පක්ෂයේ ප්‍රධාන ධුර දරන අය අතුරින් නොපැමිණියේ තිස්ස අත්තනායක හා හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් බවද හෙළිදරව් කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්වයෙන් පසුවන බැවින් නොපැමිණි බවද කිරිඇල්ල මහතා මතක් කරනවා.

යෝජනාව සම්මත කර ගැනීමට හේතුව

අදාළ යෝජනාව සම්මත කර ගැනීමට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු නම් ගම් සහිතව පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව කලකිරීමෙන් සිටින බවට සමාජ මාධ්‍ය ජාලාවලින් කරන ලද හෙළිදරව් කිරීම නිසාය.

අදාළ යෝජනා සම්මත කර ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම මත සිදු වූ බවද දැනගන්නට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:25