April 28, 2024

තව දින තුන හතරකින් විපක්ෂ නායක ගැන විශේෂ ආරංචියක්

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්පූර්ණ සුවය ලබා ඇති බව සමගි ජන බලවේගය අරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා තව දින 4කින් පමණ ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලින් පිටව යෑමට නියමිත බව දැනගැනීමට තිබෙනවා.

බරපතළ රෝග ලක්ෂණ පෙන්නා නැහැ

කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට මීට ටික දිනකට පෙර ඇතුළත් වුණා.

සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් - 19 ආසාදනය වුවද කොයිම අවස්ථාවකවත් බරපතළ තත්ත්වයක් පෙන්නුම් නොකළ බවයි වාර්ථා වෙන්නේ.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට උපදෙස්

සුපුරුදු පරිදි සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවත් ඉතා ඉක්මනින් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කැඳවීමටත් උපදෙස් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

රෝහල් ගතව සිටි කාලයේදීද විපක්ෂ නායකවරයා නැව ගිනි ගැනීම ඇතුළු රටේ අවධානය යොමු වූ  ප්‍රශ්න සම්බන්ධයෙන් රෝහලේ සිටම නිවේදන කිහිපයක්ද නිකුත් කලා.

සජිත් ප්‍රේමදාස මහතාට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන මුජබර් රහුමාන් සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ටද කොවිඩ් - 19 ආසාදනය වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 June 2021 17:36