May 19, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී පොකුරේ නිර්මාතෘ එයා - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම කොවිඩ් -19 ගොදුරු කිරීමේ වගකීම කතානායක මහින්ද යාපා අබේවර්ධන භාර ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මාරාන්තික කොවිඩ් -19 වසංගතයේ පාලිමේන්තු පොකුර හැදුවේ කතානායක වරයා බවට චෝදනා කරන කිරිඇල්ල මහතා රෝගය වැළඳීමෙන් පීඩා විඳින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් කතානායකවරයා සෘජුව වගකිව යුතු බවද පෙන්වා දෙයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , නලින් බණ්ඩාර , මුජිබර් රහුමාන් ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ආසාදිතයින් වීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

කතානායකවරයාට එසේ චෝදනා කිරීමට හා වගකීම පැවරීමට හේතු වූ කරුණුද තමන්ට පෙන්වාදිය හැකි බව සඳහන් කරන කිරිඇල්ල මහතා කතානායක කාර්යාලයෙන් ද , පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් සහ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයෙන්ද ආසාදිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තමා ඇතුළු සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් වහාම පාර්ලිමේන්තුව කල් තබා නොකැඳවන ලෙස ඉල්ලීමක් කළද කතානායකවරයා එම ඉල්ලීම නොසලකා හැරීම එම කරුණු ලෙස පෙන්වා දෙයි.

කතානායකවරයා සිය  පාර්ශවය කළ ඉල්ලීම නොසලකා හැරියේ ජනතාව හා ඔවුන්ගේ මහජන නියෝජිතයින්ගේ මල කඳින් හෝ ගොස් කොළඹ වරාය නගර කොමිසන් සභා පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කර කර ගැනීමට ආණ්ඩුවට තිබූ අවශ්‍යතාවය නිසා බවද කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

මේ වන විට ජනපතිවරයා එම පණක් කෙටුම් පතින් ලද ප්‍රතිපාදන මත ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් වරාය නගර කොමිසන් සභාව පත් කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 June 2021 15:47

Related items