April 28, 2024

සජිත් පිලේ 19ක් සජිත් සමඟ අවුලක - නම් ලැයිස්තුවත් එලියට

සමගි ජන බලවේගය තුළ දැනට සිටින මන්ත්‍රීවරුන් 45 අතුරින් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය, දැක්මක්‍රියාකාරිත්වය හා අන්‍යයන්ගේ අදහස් වලට කන් නොදීම පිළිබඳව කලකිරීමෙන් සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි.

එම පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ඇතුළත් වන අතර එම පිරිසගේ නම්ද එම ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

ඒ හැරුණු කොට මෙම මන්ත්‍රීවරුන් පිරිස සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ සහ ඇගේ මිතුරෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් වූ අනවශ්‍ය මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද කලකිරී සිටින බවද වාර්තා වේ.

පාඨලී චම්පික රණවක , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , වෛද්‍ය රාජිත සේනාරත්න , තිස්ස අත්තනායක , හරින් ප්‍රනාන්දු , මුජිබර් රහුමාන් , තුෂාර ඉඳුනිල් අමරසේන , එරාන් වික්‍රමරත්න , මනෝ ගනේෂන් , රවුෆ් හකීම් , කබීර් හෂීම් , ආචාර්ය හර්ෂ ද සිල්වා , අශෝක අබේසිංහ , රිෂාඩ් බදුදීන් , හේශා විතානගේ , චමින්ද විජේසිරි , මනුෂ නානයක්කාර , පලනි දිගම්බරන් , සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීවරුන් 19 දෙනා බවට තොරතුරු හෙළිදරව් වේ.

මෙම තත්ත්වය මත එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් රාජපක්ෂවරුන් සමගද තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟද තව කණ්ඩායමක් 43 සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා සමගද තවත් පිරිසක් සමාජ ව්‍යාපාර සමඟද ගනුදෙනු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(9 votes)
Last modified on Sunday, 06 June 2021 11:10