වරාය භාර අමාත්‍යවරයාගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්ණ කිරීමෙන් පළක් නොමැති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසනවා.
රසායන ද්‍රව්‍ය මගින් හටගත් ගින්නක් ජලය යොදා නිවීමට නොහැකි බව 10 වසර විද්‍යාව පාඩම්වල පවතින බව යි ඔහු පෙන්වා දෙන්නේ.
එවැනි පසුබිමක 10 වසර තෙක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වූ අයෙකු සමග මේ පිළිබඳව තර්ක කිරීමට යාමෙන් පළක් ද නොමැති බව ඔහු පවසනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ අදහස් පළ කරමින් වසන්ත සමරසිංහ මහතා එලෙස ප්‍රකාශ කළා.
එමෙන්ම නෞකාව අයත් සමාගම සමග “ඩීල් එකක්” දැමීම සඳහා ජාවාරම්කරුවන් පිරිසක් සූදානමින් පසුවන බව ද ඔහු පවසනවා.
ගිලුණු නැව ගොඩගන්නට, එහි භාණ්ඩ ගොඩ ගැනීමට මෙන්ම නෞකා සමාගමෙන් මෙරටට ලැබිය යුතු වන්දි ප්‍රමාණය අඩු කොට, ඒ හරහා සිය බැංකු ගිණුම්වලට මුදල් පුරවා ගැනීමේ ජාවාරමක් සූදානමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වටා සිටින සිය හිතවතුන් හරහා “ඩීල් දැමීම” නතර කර සිදුවූ දෙයට අදාළ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යි ඔහු අවධාරණය කරන්නේ.