May 13, 2024

එජාප පොහොට්ටු මන්ත්‍රී ගුටි කෙළිය CCTV කැමරාවේ (VIDEO)

හොරොව්පතාන ප්‍රාදේශීය සභාව තුළ ගැටුමක් හටගෙන තිබෙනවා.

අද (31) පැවැති මාසික රැස්වීමේ දී යි මෙය සිදුව ඇත්තේ.

මෙහි දී එම සභාවේ සභාපති චාරුක උදයංග හට පහර දීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටවන අතර විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සභාපතිවරයාට මෙම පහර දීම සිදු කොට ඇති බව සඳහන්.

තුවාළ ලැබූ සභාපතිවරයා මේවන විට හොරෝපතාන රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.

මෙම සිදුවීම ප්‍රාදේශීය සභාවේ CCTV කැමරා පද්ධතියෙහි පටිගත වී තිබුණේ පහත අයුරින්...

Rate this item
(0 votes)