May 03, 2024

කැමති වුණත් නැතත් රනිල්ට යන්න වෙන ගමන

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම අද (31) පස්වරුවේ දී පැවැත්වුණා.

එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී යි.

එහි දී කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත්තේ පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම දිව්රුම් දිය යුතු බවට යි.

මේ අතර එම තීරණය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක ස්වරූපයක් පළ කළ බව එජාප කෘත්‍යධිකාරී මණ්ඩල සාමාජිකයෙක් මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධූරය සඳහා දිවුරුම් දීමට කැමතිදැයි විමසූ අවස්ථාවේ දී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ වික්‍රමසිංහ මහතා කැමති වුවත් නැතත් මන්ත්‍රී ධූරය භාරගත යුතු බවයි.

“එතුමා කැමති වුණත් අකමැති වුණත් රට වෙනුවෙන් එතුමාගෙ යුතුකම ඉටු කළ යුතුව තිබෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 May 2021 21:16

Related items