April 28, 2024

එජාප - සජබ විරසකය දරුණු අතට

සමගි ජන බලවේගය තුළ බෙදීමක් තිබෙන බවට මතයක් එක්සත් ජාතික පක්ෂය ගොඩනගමින් තිබෙන බව සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම තුළ කතාබස් වූ බවට තොරතුරු හෙළිදරව් වේ.

සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් - 19 වසංගතයට ගොදුරු වීමට පෙර පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට තිබේ.

පාස්කු ප්‍රහාර විවාදයේදී කිසිවෙකුටත් ඒ ගැන අදහස් නොදක්වන ලෙස තමා  නොකී බවත්  එහෙත් එය පදනම් කොට ගෙන තමාට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් යන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කර ඇති අතර සමගි ජන බලවේගය තුළ බෙදීමක් ඇති බවට එ.ජා.පය මතයක් ගෙන යන බවද මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කොට තිබේ.

විපක්ෂ නායකවරයාගේ එම අදහස අනුමත කරමින් වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාද අදහස් දක්වමින් සඳහන් කොට තිබෙන්නේ එ.ජා.පය ආණ්ඩුව විවේචනය නොකරන බවත් වෙබ් අඩවි හරහා සමගි ජන බලවේගයට පහර දෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් නම හෙළි නොකිරීමේ පදනම මත ඒෂියන් මිරර් වෙත කරුණු දැක්වූ සමගි ජන බලවේගය ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ එ.ජා.පයේ මෙවැනි වැඩ හරහා පක්ෂ දෙක අතර තිබෙන විරසකය තවත් වැඩි වන වන අතර එය ආණ්ඩු විරෝධී පොදු සන්ධානයක් තුළ එ.ජා.පය සමඟ එකට වැඩ කිරීම සඳහා බාධකයක් වන බවය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 31 May 2021 15:52

Related items