තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර හට යි.
එමෙන්ම ඔහුගේ බිරිඳට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳට ද කොවිඩ් 19 ආසාදනය වූ බව පසුදිය දා තහවුරු වූවා.
මේ පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තිබුණේ මෙසේ යි.