April 27, 2024

සජිත් එක්ක සිටි මන්ත්‍රීවරුන් 15ක් නිරෝධායනයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වේ.

ඒ, දැනට කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයින්වීම හේතුවෙනි.

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්‍රී අශොක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යන මහත්වරුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

මෙයට අමතරව විපක්ෂ නායකවරයාට ආශිතවු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු නිරෝධායනයට යොමු කර ඇත.

මෙම මන්ත්‍රීවරුන් 15දෙනා සහ සේවකයන් දෙදෙනා විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීමේදීය.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කාර්යාලය පැවසූවේ විපක්ෂනායකවරයා ඔහුගේ කාර්යාලයේ දීද රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබූ අතර එම රැස්වීම්වලදී ආශ්‍රිත වූ පිරිස් සොයාගෙන ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එහි ප්‍රධානීන්ට දැනුම් දුන් බවයි.

Rate this item
(1 Vote)