April 27, 2024

"ඕනම උදව්වක් කරන්නම්" - පොහොට්ටු මන්ත්‍රී ටික්ටොක් ලෝචිට ලිපි ලියයි

ටික්ටොක් ඇතුළු සමාජ ජාල කිහිපයක ප්‍රසිද්ධියට පත් චරිතයක්වන “ලෝචි” හෙවත් ලෝචනා ජයකොඩි හට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ලිපියක් ලියා තිබෙනවා.

ඔහු මෙම ලිපිය ලියා ඇත්තේ මාධ්‍යවේදී ළහිරු මුදලිගේ සමගින් ලෝචනා සහභාගී වූ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවක් නැරඹීමෙන් අනතුරුවයි.

ළහිරු මුදලිගේ සඳහන් කර ඇත්තේ ලෝචනා ජයකොඩිගේ ලිපිනයක් හෝ ඇය සමග සම්බන්ධ විය හැකි වෙනත් ක්‍රමයක් රාඝවන් මන්ත්‍රීවරයා සතුව නොතිබුණු හෙයින් ඔහු මෙම ලිපිය තමන්ට භාර දුන් බව යි.

ලිපිය ලෝචනා වෙතට ලබා දෙන්නැයි මන්ත්‍රීවරයා දැන්වූ බව ද ළහිරු මුදලිගේ පවසනවා.

මෙය ලියන්නේ ඉතා ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව බව කියමින් ලිපිය අරඹන රාඝවන් මන්ත්‍රීවරයා පවසන්නේ, සාමාන්‍ය පවුලකින් පැමිණි සාමාන්‍ය තරුණියක ලෙස ලෝචනා, තම වේදනාවන්වලින් පන්නරය ලබා ඇති ආකාරය තමන් බොහෝ සෙයින් අගය කරන බවයි.

යූටියුබ් ඔස්සේ තමන් ලෝචනාගේ වීඩියෝ නරඹා ඇති බවත්, මෙරට ජනතාව එදිනෙදා විඳිනා දුක් ගැහැට පිළිබඳව ඇයට අවබෝදයක් පවතින බව එම වීඩියෝ ඔස්සේ තමන්ට දැණුනු නමුත් ලෝචනා ද දුක් විඳින චරිතයක් බවට තමන් කිසිදිනක විශ්වාස නොකළ බවත් සුරේන් රාඝවන් පවසනවා.

“මමත් ඔබ වගේම වේදනාවල් සහ දුක් ගැහැට සමග දිගු ගමනක් ආ කෙනෙක්. එහෙත්, මම අද දිනයේ ඉන්නා තැන ගැන මට ගොඩක් සතුටුයි.” යනුවෙන් ද ඔහු සඳහන් කරනවා.

සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, තරුණ තරුණියන් අතර පරමාදර්ශී චරිතයක් බවට පත් වීමට ලැබේවා යි තමන් ලෝචනාට ප්‍රාර්තනා කරන බවයි.

එමෙන්ම සිය හැකියාව යොදාගෙන තවත් පුළුල් ලෙස මෙරට පවතින ගැටළු පිළිබඳව ජනතාව වෙත ආමන්ත්‍රණය කිරීමට ලෝචනාට හැකිවෙතැයි බලාපොරොත්තුවන බව ද මන්ත්‍රීවරයා සටහන් තබා තිබෙනවා.

ලිපියේ අවසන් භාගයේ දී සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ තමන්ට හැකි ඕනෑම උදව්වක් ලෝචනා හට සිදු කිරීමට තමන් සූදානම් බවයි.

“කරුණාකර මට හට කතා කිරීමට හෝ ඕනෑම උදව්වක් ඉල්ලීමට පැකිලෙන්න එපා” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ලිපිය අවසන් කරනවා.

සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ලෝචනා ජයකොඩි හට ලබා දෙන මෙන් ළහිරු මුදලිගේ වෙත ලබා දුන් ලිපිය සහ එයට මුල් වූ යූටියුබ් වැඩසටහන පහතින්...

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 May 2021 19:01