May 02, 2024

මට කෙලියේ මගේම යූඇන්පී එවුන් ටික - හිටපු ඇමති නවීන්ගෙන් දෝස්මුරයක්

පසුගිය මහ මැතිවරණයේදී තමාව පරාජය කළේ කවුරුන් ද යන්න හෙළිදරව් කරමින් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පිරිසක් අමතා කරන කතාවක වීඩියෝ පටයක් සමාජගතවී තිබේ.

"මාවත් නිෂ්ප්‍රභා කළා.මාව නිෂ්ප්‍රභා කළේ පොහොට්ටුවේ සෙට් එක නෙමෙයි යූඑන්පී සෙට් එක.මගේම එවුන් ටික මට කෙලියා.ඒකට කමක් නැහැ" යයි හිටපු අමාත්‍යවරයා එහිදී පිරිස අමතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයෙන් තමා පසුගිය මහ මැතිවරණයට ඉල්ලුවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කලත් සිංහලයෙක් හැටියට තමන් හතරවැනි ස්ථානයට පත්වන බැවින් එතනත් අවස්ථාවක් නැති බව නවින් දිසානායක හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

නවීන් දිසානායක මහතා යහපාලන රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඔහු එවකට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකද විය.

පසුගිය මහ මැතිවරණයේදී නවීන් දිසානායක මහතාගේ නායකත්වය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කළ එක්සත් ජාතික පක්ෂය 4 වැනි ස්ථානයට පත්වූ අතර එජාපයට ඉදිරියෙන් 3 වැනි ස්ථානයට ස්වාධීන කණ්ඩායමක්ද තේරී පත්විය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 May 2021 09:17