May 17, 2024

(EXCLUSIVE) පෙට්‍රල් හා ඩීසල් මිලට වෙන දේ ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්

පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව සෙවීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව රැස්වූ අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එහිදී අවධානය යොමුවූයේ හා සාකච්ඡා වූයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාල වෙනත් කරුණු පිළිබඳව බවද අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වන විට දිගින් දිගටම ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ නම් ඉහළ යෑම හේතු කොටගෙන පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා වූ බවට මාධ්‍ය පළකර තිබෙන වාර්තා පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බැව් සඳහන් කරන ලදී.

එහෙත් දිගින් දිගටම ලෝක වෙළඳ පොලේ තෙල් මිල ගණන් ඉහළ ඉහළ යන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ වැඩිවීම ජනතාවට දැරීමට නොදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දරන බවද අවධාරණය කරයි

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 15:11