May 13, 2024

අපි වරාය පනතට විරුද්ධව ඡන්දය දෙනවා - විපක්ෂ නායක සිය ස්ථාවරය කලින්ම කියයි

වරාය නගර පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය දෙන බව එහි නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එදා විපක්ෂයේ සිටි අද ආණ්ඩුවේ සිටින පිරිස් 69 ලක්ෂය වෙනුවෙන් හඬ නැගූ දේශ හිතෛශීභාවය , දේශප්‍රේමිත්වය , දේශානුරාගය කෝ යයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා බලය ගත්තට පසු ඒ සියල්ලම අමතක බවද ප්‍රකාශ කරන ලදී.

එදා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තිබූ ඡන්දයේ දී යහපාලන ආණ්ඩුවේ සිටි පොදුජන පෙරමුණේ පිරිස එය මග හැර ගිය බවත් ඒ පිටුපස වෙනම ගනුදෙනු තිබූ බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා සිය පක්ෂය තුළ එවැනි ගනුදෙනු නැතිබවත් මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දෙන බව යළිත් වතාවක් ප්‍රකාශයට පත් කරන ලදී. 

සමගි ජන බලවේගය වරාය නගර පනතට සංශෝධන ගෙන එන බවද එසේ ගෙන ආවත් පනතට විරුද්ධව ඡන්දය දෙන ස්ථාවරය එලෙසම පවතින බවද විපක්ෂ නායකවරයා යළි යළිත් සිය ස්ථාවරය තහවුරු කරමින් සදහන් කරන ලදී.

මෙම පනතට සංශෝධන ගෙන එනු ලබන්නේ රටට කොඩි විනයක් වන මෙම පනත වඩාත් නිවැරදි කර ගැනීම සඳහා බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 11:46