May 03, 2024

"දරුණු පරාජය" ගැන රනිල් කට අරියි

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග ඊයේ (19) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ මෙය පවත්වා ඇත්තේ කොළඹ සිටයි.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ මෙහි දී එජාප නායකයා අදහස් දක්වා ඇති බව වාර්තා වෙනවා.

මෙම සිදුවීම රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරන්නක් බවයි ඔහු පවසා ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත‍්‍රීවරුන් ප‍්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ශ‍්‍රී ලංකාව මුල් කර ගනිමින් කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති වනවාට තමන් කැමති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ‍්‍රී ලංකාවේ ‘පෝට්සිටිය’ චීනයට විශාල පාඩුවක් වනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 09:02

Related items