May 19, 2024

කොළඹට විතරයි එන්නත: අනිත් දිස්ත්‍රික්ක අමතක කරලා - කිරිඇල්ලගෙන් චෝදනා

කොවිඩ් වසංගතයට එකම විසඳුම එන්නත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවා භෝජනයෙන් පසු පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් සඳහන් කරයි.

එහෙත් අවුරුද්දක් ගත වෙලත් රටට අවශ්‍ය එන්නත් ටික ගෙන ඒමට රජය අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.

එන්නත ඇනුම් කරේ හරියටම මීට වසරකට පෙර එනම් පහුගිය වසරේ මැයි මාසයේ බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා පසුගිය වර්ෂයේ ඔක්තෝබර් වන විට එන්නත අපිට වූ බවද අවධාරණය කරයි.

කොළඹට විතරක් එන්නත ගහන බව පෙන්වා දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අනිත් දිස්ත්‍රික්ක අමතක කොට ඇති බවටද ආණ්ඩුවට චෝදනා කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 14:30

Related items