May 18, 2024

(EXCLUSIVE) කිරිඇල්ලගෙන් විශේෂ හෙළිදරව්වක්: සමීක්ෂණයට අනුව රටම ඉල්ලන්නේ අපේ නායකයා

බටහිර රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය ගැන කළ සමීක්ෂණයක් පිළිබඳව විශේෂ තොරතුරක් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරයි.

බටහිර රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව කළ සමීක්ෂණයට අනුව සියලු දේශපාලන නායකයින් අභිබවා ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවට හෙළිදරව් කර ගෙන තිබෙන බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නව පක්ෂයක් ලෙස පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූයේ සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය මත බව කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

දැන් මුළු රට පුරාම ඇසෙන්නෙ " සජිත් , සජිත්" හඬ පමණක් බවද පෙන්වා දෙන කිරිඇල්ල මහතා ඊට වත්මන් ජනපතිවරයාගේ අසාර්ථකත්වය දැඩිව හේතුවූ බවද සදහන් කරයි.

මෙම තත්ත්වය මත ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කුමන බලවේගයකටවත් නතර කළ නොහැකි බවද කිරිඇල්ල මහතා හෙළිදරව් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 May 2021 09:00

Related items