May 19, 2024

සුද්දො ටික අවුරුදු 400 පැන්නුවා: චීනාවනං එහෙම පන්නන්න වෙන්නේ නැහැ - කිරිඇල්ල

හෙට (19) වරාය නගරය හරහා ඇරඹෙන චීන ආක්‍රමණයෙන් වසර 400 කට වත් රට බේරා ගැනීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත වරාය නගරය පනත් කෙටුම්පත පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඒෂියන් මිරර් වෙත මෙම අදහස් පල කරන ලදී.

1505 දී පෘතුගීසීන්ගෙන් ඇරඹි විදේශීය ආක්‍රමණයන්ගෙන් රට අවුරුදු 400 කට පසු බේරා ගත්තත් වරාය නගරය හරහා හෙටින් (19) ඇරඹෙන චීන ආක්‍රමණයෙන් රට බේරා ගැනීම තව සත වර්ෂ ගණනාවකට වත් කිරිමට නොහැකි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධානය කරයි.

1505 දී පෘතුගීසීන් ගෙරි හමක තරම් කොටසක් ඉල්ලගෙන ආ බව මතක් කර දෙන කිරිඇල්ල මහතා චීනය අක්කර දහස් ගණනක් භූමියක් නීත්‍යානුකූලවම ආක්‍රමණය කිරීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දෙයි.

පෘතුගීසින්ගෙන් පසු ලන්දේසීන්ද ඉන්පසු ඉංග්‍රීසින්ද මෙරට ආක්‍රමණය කර වසර 400 කට වැඩි කාලයක් රට පාලනය කළද චීනය මෙන් රටේ කොටස් සින්නක්කරව ලියා නොගත් බවද කිරිඇල්ල මහතා පෙන්වාදෙයි.

වරාය නගර පනත් කෙටුම්පතට අනුව එහි විගණනයන් මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට යටත් නොවීම ඉදිරියේදී රටේ ජනතාවට බරපතළ කළ විපාකවලට මුහුණදීමට හේතු වන බවද පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 01:18

Related items