May 07, 2024

කඳුකරය දැඩි මීදුමෙන් වැසී යයි 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට රාත‍්‍රී කාලයේදී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඝණ මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා පැමිණ තිබේ. 

හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේත්, හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේත් කිතුල්ගල සිට වටවල දක්වාත් මෙම මීදුම් තත්වය පවතින අතර ඉදිරි පසින් පැමිණෙන වාහනය නොපෙනෙන තරමට ඝණ මීදුම් තත්ත්වය ඇති වෙන නිසා මෙම මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇත.

මෙවැනි ඝණ මීදුම් තත්වයක් පවතින අවස්ථාවල මීදුම් තත්වය පහව යන තෙක් සෙමින් වාහන ධාවනය කිරීමට හෝ වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)