May 07, 2024

වසර 2ක් තිස්සේ 'දුව' දූෂණය කර 'පියා' පළා යයි

වයස අවුරුදු 13 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන ඇයගේ පියා අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ මාදම්පේ - තඹගල්ල පදිංචි පාසල් සිසුවියක්ය. ඇය ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිට ඇත.

පාදයක ආබාධයකට ප්‍රතිකාර ගැනීම සදහා මෙම දැරිවිය ඉකුත් 02 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත. ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරුවන් පවසා ඇත්තේ දැරිවිය මේ වන විට මාස 08 ක ගැබිණියක් බවය.

වසර 02 ක කාලයක පටන් සැකකාර පියා විසින් තමන්ව දුෂණය කළ බව දැරිවිය වෛද්‍යවරුන් හමුවේ රෝහලේදී පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර ගොස් ඇති බව පොලීසිය කියයි. ඔහු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

දැරිවිය මේ වන විටත් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.

ජුඩ් සමන්ත.

 

 

 

 

 

Rate this item
(1 Vote)