May 08, 2024

එස්.බී ගොඩනැගිල්ල විවෘත කරද්දී සිසුන්ට ජල ප්‍රහාර

අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා සබරගමුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ පඹහින්න ප්‍රදේශයේ මාර්ගය හරස් කරමින් සිසුන් විරෝධතාවයේ නිරත විය.

ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමට විරෝධය පළ කිරීමක් ලෙසිනි.

කලහකාරී ලෙස හැසිරුණු සිසුන් විසුරුවාහැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

කෙසේ වෙතත් නේවාසිකාගාරයේ විවෘත කිරීමේ කටයුතු එස්.බි.දිසානායක අමාත්‍යවරයා විසින් සිදුකළ බවද වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)