May 07, 2024

මිය ගිය ලාංකිකයා වැලිකතරේ මිහිදන් කෙරෙයි

විදේශ ගතව සිටි ලාංකිකයෙක් මිය යෑමෙන් පසු එරටදී මිහිදන් කිරීමේ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

දමාම් සිට කිලෝමීටර් 200ක පමණ දුර ප්‍රදේශයක මාළු නිෂ්පාදන ගබඩා සංකීර්ණ ආයතනයක රැකියාව කළ අබ්දුල් සලීම් මොහොමඩ් ආදම් නමැති ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා මියගොස් ඇති අතර ඔහුගේ මෘත දේහය මේවනවිට අල්කොබාර් රෝහලක තැන්පත් කර ඇති බව එම ආයතනයේ රැකියාව කරන අනෙක් ශ්‍රී ලාංකිකයෙක් පවසයි.

අබ්දුල් සලීම් ආදම් මහතා සෞදි අරාබියට පැමිණ ඇත්තේ මීට වසර 30 කට පමණ පෙර බවද වාර්තා වෙයි. කෙසේවෙතත් අබ්දුල් සලීම් මහතාගේ මරණයට අදාල ලිපිලේඛන මේවනවිට අදාළ ආයතනය සමග හුවමාරු කරගැනීමෙන් අනතුරුව මිහිදන් කටයුතු සෞදි අරාබියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතර පසුගිය සතියේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ පමණක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවද වාර්තා වෙන අතර  මින් එක් අයෙකු වන හම්බන්තොට පදිංචිව සිට මීට කලකට පෙර සෞදි අරාබියේ දමාම් පළවැනි (1)කාර්මික ජනපදයේ ප්ලාස්ටික් නිෂ්පාදන භාණ්ඩ කර්මාන්ත ශාලාවක රැකියාව කළ වයස 40 ක පමණවූ දෙදරු පියෙකු වූ කන්දයියා කුමාර වන අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින්  මරණයට පත්ව ඇත.  එම ආයතනයේම රැකියාව කළ අම්බලන්තොට 29 හැවිරිදි ගයාන් ප්‍රියංකර මහතා යන්ත්‍රයකට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය අගෝස්තු අවසන් සතියේයි.

Rate this item
(0 votes)