May 08, 2024

හරීන්ට CID යට එන්න කියන්නේ අත්අඩංගුවට ගන්න - නලින් බණ්ඩාර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව පැමිණෙන්නට කියන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට බව නලින් බණ්ඩාර විපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරන ලදී.

අද (23) පාර්ලිමේන්තු සැසිවාරය ද උණුසුම් මුහුණුවරක් ගත් අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවිම මුල්කොටගෙන සභාගැබ එකම කාලගෝට්ටියක් බවට පත්විය.

මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ හෙලිදරව්ව පදනම් කොට ගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට යන බවට විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන ලදී.

පාර්ලිමේන්තුව තුළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ හෙලිදරව්ව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට යටත් වන නිසා එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කළද එම ප්‍රකාශය පිලිනොගනිමින් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ විරුද්ධතා එල්ල කරන ලදී.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වන විට රෝහල් ගතව සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට ගිය අවස්ථාවේ ඡායාරූප මේ වන විට සමාජයට මුදා හැර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 12:10

Related items