May 07, 2024

"මට හරීන් ගැහුවා" ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සොයා පොලීසිය මැතිසබේට එයි

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට පහර දුන් බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්  කර තිබේ.

ඒ අනුව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රිවරයාගෙන් පැමිණිල්ලට අදාල ප්‍රකාශය සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වු සිද්ධියෙන් පසුව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමාට පහර දුන් බවට මන්ත්‍රිවරයා කට උත්තර ලබාදුන් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්නා බව එම ආරංචි  මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් සභා ගැබින් එපිට ගුටිබැට හුවමාරුවක නිරත වූ බව වාර්තා විය.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබේ.

දින කිහිපයක් පුරාම පාර්ලිමේන්තු සභා ගැබ තුළ හරින් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් වචන හුවමාරු කරගත් අතර එහිදී අසභ්‍ය වචන මෙන්ම පෞද්ගලික කාරණාද දෙපාර්ශවයෙන්ම ප්‍රකාශයට පත් විය.

ඊයේ (21) පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිති කොටගෙන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කළු පැලැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් දැක්වූ අතර එහිදී යළිත් වතාවක් හරිම ප්‍රනාන්දු හා තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් වාග් හුවමාරුවක පැටලී තිබේ.

පසුව මෙම වචන හුවමාරුව පාර්ලිමේන්තු සභා ගැබින් එපිට එනම් සභා ගැබට ඇතුල් වන දොරටුව ආසන්නයේදී මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.

Rate this item
(0 votes)

Related items