May 07, 2024

මගේ MSD නිලධාරීන්ව CID යට ගෙන්වා මම ගැන තොරතුරු හොයනවා - හරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක්

තමාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ව නිරන්තරයෙන්ම සී.අයි.ඩී යට ගෙනැවිත් තමා පිළිබඳව තොරතුරු විමසන බව හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ එළිදරව්වක් කරන ලදී.

තමන් යන එන තැන්, තමන් සමඟ කතා බස් කරන අය පිළිබඳව සී.අයි.ඩී ය තමන්ගේ ඇමති ආරක්ෂක අංශයෙන් ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා එළිදරව් කරයි.

තමාට නිදහසේ පල්ලියකට යාමටවත් නොහැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමන් එම ස්ථානවලට ගිය විට තමන් පිළිබඳ ඔත්තු බැලීමට සී.අයි.ඩි ය එම ස්ථානවලටද පැමිණෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලමින් කළ කතාවේදී මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කරන ලදී.

වරාය නගරය පිළිබඳ විවාදය අතරතුර මෙම විශේෂ ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා ඒ හරහා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 April 2021 14:49

Related items