May 08, 2024

හරීන් රන්ජන්ව අමතක කරයි! "මතක් කළාට ස්තූතියි" (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉටු වනතුරු තමා මෙලෙස කලු සාටකයක් පළඳින බවට ප්‍රකාශ කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) පාර්ලිමේන්තුවේදී සිය කතාව ආරම්භ කළ අවස්ථාවේ එම කළු සාටකය පැලඳ නොසිටීම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.

ඒ අවස්ථාවේ හරීන් ප්‍රානාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ "මං බැලුවේ සාටකය මතක් වේයිද කියලා. මං සාටකය ලඟ තියාගෙන හිටියේ" යැයිද පැවසීය.

"බොහොම හොදයි සාටකය මතක් කළ එක" යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉටු වනතුරු තමා මෙලෙස කලු සාටකයක් පළඳින බව මීට පෙර පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය. 

තම ජීවිත කාලය පුරාවටම පවුලේ බලය පෙන්වීමට කුරහන් සාටකය පළදිනවා ලෙස නොව රන්ජන් රාමනායක සාධාරණයක් වන තෙක් කළු සාටකය පළඳින බව මන්ත්‍රීවරයා එහිදී සභාගැබේ දී අවධාරණය කළේය.

නමුත් අද(20) පාර්ලිමේන්තු සභා වාරයේ මන්ත්‍රීවරයා සිය කතාව ආරම්භ කරන අවස්ථාවේ කළු සාටකය පැලැඳ නොසිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 April 2021 14:48

Related items