May 04, 2024

අපේ මැයි දිනය තනියෙන්: පොහොට්ටු මැයි දිනයට නිමල් සිරිපාල - ශ්‍රීලනිප මහ ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සිය මැයි දිනය තනිවම පවත්වන බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තහවුරු කරයි.

ඒ සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ඊයේ (19) පක්ෂ මූලස්ථානයේදී ගත් බවද මහ ලේකම්වරයා සදහන් කරයි.

බත්තරමුල්ලේ ශ්‍රීලනිප මූලස්ථානය හැදීමට යෝජිත ස්ථානයේ මෙවර මැයි දිනය පවත්වන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහෙත් මීට පෙර ප්‍රකාශ වූයේ ශ්‍රීලනිප මැයි රැලිය පොළොන්නරුවේදී පැවැත්වෙන බවය.

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටින දෙවැනි විශාලතම පාර්ශ්වය වන ශ්‍රීලනිපය එළඹෙන මැයි දින සැමරුම තනිව පැවැත්වීම පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

සිය මැයි දින සැමරුම සඳහා පොදුජන පෙරමුණේ නායකයින්ට මෙන්ම එහි සන්ධානගත සියලුම පක්ෂවලට ආරාධනා කිරීමටද තීරණයක් ගත් බව මහ ලේකම්වරයා හෙළිදරව් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැළිය සඳහා මේ වන විටත් ශ්‍රීලනිපයට ආරාධනා පත්‍රයක් එවා ඇති බැවින් ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සහභාගි කරවීමටද පක්ෂය තීරණය කළ බව මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 April 2021 11:33

Related items