May 17, 2024

එජාපය ඒකමතික තීන්දුවක් ගනී - මාසයකින් රනිල් තව වගකීමක් බාර ගනී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානමින් පසුවන බව ඔහු පැවසීය.

වජිර අබේවර්ධන මහතා ඒ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මීට පෙර ගාල්ල එජාප ආසන බල මණ්‌ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා නම් කළ යුතු බවටත් දිගටම පක්‍ෂ නායකත්වයේ සිටිය යුතු බවටත් වන යෝජනාවක් සම්මත කර ගෙන තිබිණි.

එහිදී ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ජිලිත් නිශාන්ත මහතා සම්මත කිරීමෙන් පසු සභාවේ සියලු දෙනාම අත ඔසවා ඒකමතිකව සම්මත කර තිබිණි.

මෙම රැස්වීමට එජාප සභාපති වජිර අබේවර්ධන නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමන් රත්නප්‍රිය, ආනන්ද කුලරත්න මහත්වරු න්ද ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, අශෝක ධනවංශ, සංජීව් කරුණාතිලක මහත්වරුන් සහ එජාප ආසන ප්‍රධාන සංවිධායකවරු සහ ගාල්ල මහා නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රී මන්ත්‍රිනී කණ්ඩායම සහභාගී වී තිබිණි.

Rate this item
(4 votes)
Last modified on Thursday, 15 April 2021 09:39