අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් තිබ්බද මැයි දිනය තනිව පැවැත්වීමට ගත් තීරණය වෙනස් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.
එහෙත් පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණීමට කල් තිබෙන බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
පොලොන්නරුව හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන නිජබිම වේ.
මැයි දිනය ශ්‍රීලනීපය තනි පක්ෂයක් ලෙස පොළොන්නරුවේදී පැවැත්වීමට මේ වන විටත් සංවිධාන කටයුතුද ආරම්භ කොට තිබෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.
එළඹෙන 19දා ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නායක රැස්වීමක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කැඳවා තිබෙන අතර එහිදී පළාත් සභා මැතිවරණය මෙන්ම මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බැවින් එම සාකච්ඡාවේදී මැයි දිනය තනිව පැවැත්වීම පිළිබඳව ශ්‍රීලනීපය ගත් තීරණයේ වෙනසක් සිදුවේදැයි ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශකයා මෙම කරුණු අනාවරණය කරන ලදී.
අග්‍රාමාත්‍යවරයා එළඹෙන 19දා රැස්වීම පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් ලෙස අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
මීට පෙර මැයි දිනය පොදුජන පෙරමුණේ සියලු පක්ෂ වල සහභාගිත්වයෙන් පැවැත්වීම පිළිබඳව සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට පොදුජන පෙරමුණ තීරණය කොට ඇති බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කොට තිබුණි.
පොදුජන පෙරමුණ තුළ සිටින සන්ධානගත පක්ෂ 12ක් ශ්‍රීලනිපයත් සමග එකට එක්ව මැයි දිනය සැමරීමට සූදානම් වන බවට කරුණු හෙළිදරව් වීම හේතුකොටගෙනය.
අග්‍රාමාත්‍යවරයා හදිසියේ කැඳවා ඇති පොදුජන පෙරමුණේ සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීම මත දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවේ.
19 දා පැවැත්වෙන රැස්වීමෙන් පසු මැයි දිනය හා ශ්‍රීලනිපය සමග පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳ සිය 12 කණ්ඩායම සොයා ගන්නා බව මීට ටික දිනකට පෙර ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කරන ලදී.