May 17, 2024

සිරිකොත ඉදිරිපිට අමුතු රනිල්ගෙන් අමුතු වැඩක්

කලක් පොදු ජනයාගෙන් පිරී ඉතිරී ගියත් පසුගිය මහ මැතිවරණයෙන් පසු පාළුවට ගොස් තිබෙන එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අවට ප්‍රදේශය කලකට පසු යළිත් මහජනයාගෙන් පිරි යන අයුරු දක්නට ලැබුණි.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ වන විනාශය පෙන්නුම් කරන චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් හේතු කොටගෙනය.

මේ අවස්ථාවට එක් වූ හිටපු යහපාලන ආණ්ඩු මන්ත්‍රීවරයෙකු වූ මහාචාර්ය ආශු මාරසිංහ අදහස් දක්වමිනි සඳහන් කළේ "හැම දෙයින්ම ෆේල් වුන සර් වන විනාශයෙන් නම් පාස්" බවය.

"එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්දේ නැකතක් දී තිබෙනවා අලුතින් පැළයක් සිටවන්න.ඒ අප්‍රේල් 16 උදේ 6.42ට.මේ රටේ මිලියන 22ක ජනතාවක් ඉන්නවා. එක් අයෙක් එක පැලයක් හිටෙව්වොත් අඩුම තරමින් පැළ මිලියන 20 වත් පුළුවන්. එහෙම වුනොත් 2050 වන විට පැළ බිලියනයක් හිටවා ඉහළ යමින් පවතින උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්."බවය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 02 April 2021 16:13